Connect with us

පුවත්

CIA ප්‍රධානියාගේ රහස් ගමන ගැන හෙළිදරව්වක්! (වීඩියෝ)

Published

on

හොර රහසේ මෙරටට පැමිණ පැය කිහිපයක් ඇතුළත යළිත් පිටවී ගොස් ඇත්තේ අමෙරිකානු CIA ප්‍රධානියා බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ ඔහු විසින් ශ්‍රී ලංකාවට භයානක යෝජනා 04ක් ඉදිරිපත් කර ඇති බවය.

“අපිට තිබෙන නොනිල තොරතුරු අනුව අමෙරිකාවේ රහස් ඔත්තු සේවය වන CIA ප්‍රධානියා තමයි මේ අභිරහස් ලෙස ශ්‍රී ලංකාවට ඇවිත් පැය කිහිපයක් ගත කරලා ගිහින් තියෙන්නේ.”

“අපේ රටේ ජාතික ආරක්ෂාව දැවැන්ත අනතුරකට හෙළන භයානක යෝජනා 4ක් මේ දූත පිරිස ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා.”

“පළමු එක තමයි ශ්‍රී ලංකාවට ලැබෙන සියලුම බුද්ධි තොරතුරු අමෙරිකාව සමග බෙදා ගන්න බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවන්න.”

“දෙවන එක තමයි ජීව දත්ත මත ආගමන පාලක පද්ධතියක් අපේ ගුවන්තොටුපොළවලට අමෙරිකාවෙන් තෑගි කිරීම. දත්ත බැංකුවට අමෙරිකාවට ප්‍රවේශ වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඇඟිලි සලකුණු, ඇස්වල රටාව සහ කෙස් රටාව… මේවා පිළිබඳ දත්තවලට අමෙරිකාවට ප්‍රවේශය දිය යුතුයි කියලා යෝජනාව කරලා තියෙනවා.

මෙවැනි පද්ධතියක් ලංකාවේ අමෙරිකාවෙන් දුන් තැග්ගත් ලෙස සවි කCIAළොත් ශ්‍රී ලංකාවට තමන්ගේ පුරවැසියන් එනවට රුසියාව, චීනය, ඉන්දියාව වැනි ලොව අනෙකුන් බලවතුන්ගේ අකමැත්ත පළ වෙන්න පුළුවන්.”

“ශ්‍රී ලංකාව ලෝකයේ අන් රටවල් සමග ජාත්‍යන්තර දුරකථන ඇමතුම් සහ දත්ත හුවමාරුව සිදුකරන්නේ ද මුහුද යටින් ගමන් කරන විදුලි සංදේශ රැහැන් හරහා. මේ රැහැන හරහා යන දත්ත ලබා ගන්නත් දුරකථන ඇමතුම්වලට රහසේ සවන් දෙන්නත් අමෙරිකාවට අවශ්‍ය පහසුකම් සපයන්න කියලා ඉල්ලා තියෙනවා.”

“ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අනාගතයේ එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාර ගැන කලින් අනතුරු ඇඟවීමේ වගකීම අමෙරිකාව බාර ගන්නවා කියලා.”

“සිව්වන යෝජනාව තමයි සෝෆා ගිවිසුම යළි අත්සන් කිරීම. අමෙරිකාවේ මේ යෝජනාවට නම් ජනාධිපතිතුමා ස්ථිර වචනයක් දීලා නැහැ.. කියලා තමයි අපට ආරංචි. 2017දී කරන්න ගිහිල්ලා වින්ඳ දුක් ගැහැට එතුමට සිහිපත් වෙන්න ඇති.”

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය අවසන්

Published

on

By

පරිපූරක පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවට සැලකිල්ලට ගනිමින් සිය සංගම් පහෙන් සංගම් 04ක් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට තීරණය කළ බවය.

වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළද වෛද්‍ය රසායනාගාර වෘත්තියින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් තාවකාලිකව නතර කිරීමට පියවර ගත් වැඩ වර්ජනය ඉදිරියේදී නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය. 

Continue Reading

පුවත්

යළිත් ලොකු වැස්සක්

Published

on

By

ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං ද බලාපොරොත්තු වියහැකි බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසුවන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇති වෙයි.

උතුරු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30ත් 40ත් පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved