Connect with us

පුවත්

CIDය මාලෙට ගොස් මැණික් ව්‍යාපාරිකයෙක් කුදලන් ඇවිත්

Published

on

රුපියල් කෝටි 76 ක් වංචාකර රටින් පැන මාලදිවයිනේ සැඟව සිටි මැණික් ව්‍යාපාරිකයකු සොයා මාලදිවයිනට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (05) ඔහු අලුයම මෙරටට රැගෙනවිත් ඇත.

මාලදිවයිනට පැන මාස හතරක් තිස්සේ සැඟව සිටි මොහොමඩ් ඉස්තිකාර් නමැති මැණික් ව්‍යාපාරිකයාව ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කර මෙරටට රැගෙන විත් තිබේ.

මෙම ව්‍යාපාරිකයා විසින් බේරුවල මැණික් ව්‍යාපාරිකයන්ගේ මැණික් ගල් විකුණා දෙන බව පවසා මැණික් ගල් රැගෙන ගොස් මුදල් වංචා කළ බවට ව්‍යාපාරිකයන් දෙදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර තිබිණි.

ඒ අනුව සැකකරු සොයා ඇරඹි විමර්ශනයේදී මාස හතරක් තිස්සේ මාලදිවයිනේ සැඟවී සිටින බව අනාවරණය වී ඇත. වහාම සැකකරු මෙරටට රැගෙන ඒම සඳහා මාලදිවයින් රජයේ සහාය ගනිමින් මෙහෙයුමක් ඇරඹීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නියෝග කර ඇත්තේ ඒ අනුවය.

එම මෙහෙයුම ඇරඹීමෙන් පසුව මාලදිවයින් ආරක්ෂක අංශ මගින් වීසා නොමැතිව එරට රැඳී සිටි චෝදනාවට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙරටට පිටුවහල් කිරීමට යෑමේදී ලංකාවට පිටුවහල් කළහොත් සියදිවි නසාගන්නා බවට තර්ජනය කර ඇත.

ඒ අනුව සැකකරුට එරෙහිව රතු නිවේදනයක් ගෙන සැකකරු මෙරටට රැගෙන ඒමට ඇරඹූ මෙහෙයුමට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලදිවයිනට පිටත්කර තිබේ.

එම නිලධාරින් භාරයට ගත් සැකකරු මාලදිවයිනේ සිට ඊයේ (05 වැනිදා) අලුයම මෙරටට රැගෙනවිත් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත.

(අරුණ)

පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධානය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද සහ හෙට (මැයි මස 15 හා 16)  යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවය.

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන පැවැත්වෙනු ඇත.

Continue Reading

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved