Connect with us

පුවත්

CIDයේ තිබූ හරක් කටා හා කුඩු සලිඳුගේ පාස්පෝර්ට් අතුරුදන් වෙලා

Published

on

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ ඔහුට හා 

සළිදු මල්ෂික නොහොත් කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී  අස්ථානගත වී ඇතැයි පැවසේ.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් මේ සම්බන්දධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 2023, මාර්තු,15 වැනි දා මොවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු බාරයේ තිබි ඇති බවත්, සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, එම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාරදී තිබී ඇතිි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකථන දෙක සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වූයේ කුමන දිනයකද යන්න හෙළිවී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අදාළ දුරකථනවල සංවේදී දර්ශන,විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකථන අංක, ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබී ඇතැයි ද පැවසේ.
මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved