Connect with us

පුවත්

CIDය අල්ලූ කෝටි 10ක වාහන යළි දෙන්නැයි නියෝගයක්

Published

on

කඩුවෙල “වැලිවිට සුද්දා” නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන මාස දෙකකට ආසන්න කාළයක් රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන එහි ලියාපදිංචි අයිතිකරුට වෙත යළි ලබා දෙන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (16) නියෝග කළාය.

එම නියෝගය සිදු කරන ලද්දේ මාස දෙකකටත් වැඩි කාළයක් එම රථ වාහන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් රදවා ගෙන තිබියදී තව දුරටත් අදාල රථ වාහන රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අවස්ථාව ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමිනි.

කඩුවෙල පොලිසිය මගින් ඉකුත් 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී කඩුවෙල පදිංචිකරුවකු වන මළලගේ සුදත් කිත්සිරි නොහොත් “වැලිවිට සුද්දා” නැමැත්තාට අයිති බවට පවසමින් ඔහුගේ සහෝදරියක වන එච්.එම්. හීන්මැණිකේ යන අය සතුව තිබූ සුඛෝපභෝගී බස් රථ පහක් නවීන මෝටර් රථයක් සහ යතුරු පැදියක් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලබා දීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනතේ හත්වන වගන්තිය යටතේ අදාල රථ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට සහකාර පොලිස් අධිකාරි එස්.ඊ.ආර්. සමරනායක මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත එම රථ වාහන දින හතක කාළයක් රදවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අධිකරණය  නියෝග කර තිබුණි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved