Connect with us

පුවත්

කෙහෙළිය ළඟ තිබූ ලේඛන CID භාරයට (Update)

Published

on

හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි  කියන   ලියකියවිලි කිහිපයක්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) බාරදී ඇතැයි වාර්තා වේ.

ඔහු මේ සම්බන්ධයෙන් මාධ්‍යට පවසා ඇත්තේ පරීක්ෂණයට සහයක් ලෙස තමා එම ලියකියවිලි බාර දුන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ තමා කළ පැමිණිල්ලක් අනුව බවද ඔහු සඳහන් එහිදී අවධාරණය කර ඇත.

අද පෙරවරුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය 3කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.


(පෙර පුවත 2022 දෙසැම්බර් 26, ප.ව.04:22)

CIDය කෙහෙළියගෙන් ප්‍රකාශයක් ගනියි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

මේ සඳහා (CID) නිලධාරීන් පිරිසක් අද (26) පෙරවරුවේ රඹුක්වැල්ල මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඇත.

මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

මෙම අවස්ථාවට රඹුක්වැල්ල මහතා වෙනුවෙන් වෙනුවෙන්  නීතිඥවරු කණ්ඩායමක්ද පෙනී සිටි බවද වාර්තා වේ.

සබැඳි පුවත්:

ටිරාන් කෙහෙළියව අත්අඩංගුවට ගනියි?

ඉමියුනොග්ලොබියුලින් මිලදී ගන්න කලින් හිටපු ඇමති හා ලේකම් සාකච්ඡා කරලා

,

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved