පුවත්

CID සෙට් එකක් මන්නා රමේෂ් ගේන්න ඩුබායි වෙතට

Published

on

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක රමේෂ් මිහිරංග හෙවත් ‘මන්නා රමේෂ්‘ ඩුබායි සිට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඩුබායි බලායෑමට සූදානමින් සිටින බව වාර්තා වේ.

ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

මන්නා රමේෂ් සිය බිරිය සමඟ කාර් රථයකින් ගමන් කරමින් සිටියදී ඉකුත් දිනෙක ඩුබායි පොලිසියට කොටු වී තිබෙන අතර එය නිල වශයෙන් ජාත්‍යන්තර පොලිසිය හරහා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධවල නිරත වන බවට මන්නා රමේෂ්ට චෝදනා එල්ල වී ඇත.

Trending

Exit mobile version