Videos

Cinnamon Lakeside වෙත PHI ලා කඩා පනියි (වීඩියෝ)

Published

on

සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside  Colombo) හෝටලයේ “ද ඩයිනින් රූම්” (The Dining Room) වෙතින් ඊයේ (02) රාත්‍රියේ ආහාර ගත් අයකුට ලබාදුන් සුප් එකකට අතිරේකව එක්කළ ද්‍රව්‍යක් නරක්වී තිබීම හේතුවෙන් ආහාරගත් පාරිභෝගිකයා විසින් කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයට දැනුම්දීමක් කිරීමෙන් පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පරික්ෂා කර ඊට අදාල සාම්පල් රසායනාගාර වෙත යොමුකර ඇතැයි “ශ්‍රී ලංකා මිරර්” වෙත වාර්තා වේ.

සිද්ධිය සැකෙවින් මෙසේය.

ඊයේ (02) සිනමන් ලේක් සයිඩ් කලම්බෝ (Cinnamon Lakeside  Colombo) හෝටලයේ ආහාර මෙනූපත දුරකථනය ඔස්සේ විමසා පරික්ෂා කර රාත්‍රී ආහාර ලබා ගැනීමට වෙන්කර ගැනීමක් සිදු කර යුවලක් සිය දරු දෙදෙනාද සමඟ එහි ගොස් තිබේ.

එසේ ආහාර ගැනීමට ගිය යුවලෙන් කෙනෙකු සිය සුප් කෝප්පය රස කර ගැනීමට එහිවූ කුපියකින් අතිරේකව ගම්මිරිස් එක් කර ගැනීමට උත්සාහ කර ඇත.

එසේ ගම්මිරිස් යැයි සිතා එක්කරණ ලද ද්‍රව්‍යයෙන් අධික දුඟදක් වහනය වීම නිසා හෝටල් කාර්යමණ්ඩලයට ඒ සම්බන්ධයෙන් දැනුම්දී තිබේ.

පසුව එහි පැමිණි එම හෝටලයේ කළමනාකරු හා ප්‍රධාන සූපවේදියා ඇතුළු කාර්යමණ්ඩලය එසේ විය නොහැකි බවට තර්ක කර ඇත.

යුවල ද සුප් කෝප්යට එක් කළ ද්‍රව්‍යයේ යම් ගැටලුවක් ඇති බව කියමින් තර්ක කර ඇති අතර පසුව හෝටලයේ කාර්යමණ්ඩලය අදාළ සුප් කෝප්ය ඉවත් කර එම සිද්ධිය ප්‍රසිද්ධ වීම වලක්වා ගැනීමට එම යුවලට දෙහි යුෂ වීදුරුවක් ලබා දී ඇති අතර එයට අය කිරීමක් ද සිදු කර නොමැත. 

ඒ අතරවාරයේ පාරිභෝගිකයා විසින් කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැන්වීමෙන් පසුව එම ස්ථානය පරික්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ සුප් කෝප්පය පරීක්ෂා කර සාම්පල් රසායනාගාර වෙත යොමු කිරීමට කටයුතු යොදා තිබේ.

සිද්ධිය සම්බන්ධ වැඩි විස්තර ඉදිරියට.

Trending

Exit mobile version