Connect with us

පුවත්

Clean Sri Lanka පාසල් වැඩසටහන ඇරඹේ

Published

on

රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන” පාසල් පද්ධතිය කරා ගෙන යමින් පාසල් දහසක ක්‍රියාත්මක වැඩසටහනේ පළමු අදියර දිවයිනේ තෝරාගත් පාසල් 200ක ඊයේ (20) ආරම්භ කෙරිණි.

 “අපේ ඉස්කෝලේ  Clean කරමු  – රට හදන පරපුරක – වෙමුද අපි මුල් පුරුක” තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන අදාළ පාසල්වල විදුහල්පතිවරු ඇතුළු පාසල් ප්‍රජාවගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය හා තාක්ෂණික දැනුම ලබා දීම සිදු කරයි.

ඒ අනුව පාසල්වල කැඩී ගිය ඩෙස් පුටු, උපකරණ, විදුලිය පද්ධති සහ ජල නළ පද්ධතිවල  අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සමඟ පාසල පිරිසිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පාසල් 100ක යුද හමුදාවේ දායකත්වයෙන්ද, පාසල් 50ක නාවික හමුදාවේ දායකත්වයෙන් සහ පාසල් 50ක ගුවන් හමුදාවේ දායකත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම මාර්තු මාසය අවසන් වන විට පාසල් දහසම ආවරණය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා පාසල් දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් මෙන්ම ආදි සිසුන් ද සහභාගි කරවා ගැනීම විශේෂත්වයක් වන අතර අඛණ්ඩව පාසල පිරිසිදුව තබා ගනිමින් නඩත්තු කටයුතු ඉදිරියට කර ගෙන යාමට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සිදු කෙරේ.

වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් බප/කො මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල විද්‍යාලයේදී ඊයේ (20) වැඩසටහන ආරම්භ කෙරුණු අතර මීට සමගාමීව දිවයිනේ අනෙකුත් පාසල් 199 තුළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, විදුහල්පතිවරුන්ගේ සහ ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved