පුවත්

චීන- ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලට අටක කමිටුවක්!

Published

on

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ චීනය, ඉන්දීය සාකච්ඡා වලට  අට දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් මෙම කමිටුවට ඇතුළුත් කර ඇත.

Trending

Exit mobile version