Connect with us

පුවත්

COP 28 සමුළුවට ජනපතිට ඇරයුම්

Published

on

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ. 

එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි  (Khaled Nasser AlAmeri) මහතා විසින් ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත්වේ. 

දේශගුණික විපර්යාස මෙන්ම ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන දේශගුණික විපර්යාස  සමුළුව දේශගුණික සංවාද සඳහා ප්‍රමුඛ ජාත්‍යන්තර වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.

එසේම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියට (UNFCCC) අයත් සාමාජික රටවල් අතර දේශගුණික විපර්යාස පිළිබඳ සාකච්ඡා මෙහෙයවීමේදී මෙම සමුළුව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. 

පරිවර්තනීය හවුල්කාරිත්වයන්හි නියැලීමට සහ නව්‍ය, සාධාරණ විසඳුම් සඳහා දායක වීමට සියලුම පාර්ශ්වකරුවන්ට සමාන අවස්ථා ලබා දීම මෙම සමුළුවේ අරමුණයි. ලොව පුරා තිරසාර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් පවත්වාගෙන යාම මෙන්ම දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කර ගැනීමට සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරේ.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම සිය ලිපිය මඟින් අවධාරණය කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස හමුවේ මුහුණදීමට සිදුව ඇති අභියෝග ජය ගැනීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ සහභාගීත්වයේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. 

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය පිළිගැන්වීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කර ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රගතිය සහ සෞභාග්‍ය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට ද සුබපැතුම් එක් කර තිබේ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved