COPF සභාපති ධූරයෙන් ඉවත්වෙනවා – මයන්ත
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ප්‍රකාශ කරයි.
අද (27) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා ඇත.
දිසානායක මහතා තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද දිනයේ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙන බවයි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායක මහතාව පසුගිය 23දා පත් කරනු ලැබුවේ එම තනතුර සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාව නම් කර තිබියදීය.
මේ හේතුවෙන් සිද්ධිය පිළිබඳව දැඩි කතාබහක ඇති විය.