Connect with us

පුවත්

COVID-19 වෙනුවෙන් සීරුවෙන් සිටින්න. WHO කියයි

Published

on

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ලොව රටවල පැතිර යාමේ අවදානමක් පවතින බව නිවේදනය කර තිබේ.

සියලුම රටවල  සෞඛ්‍ය බලධාරීන් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුවත් කර ඇති අතර ඉදිරියේදී විය හැකි මහා ව්‍යසනයන් වලක්වා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සුදානම් කර ගන්න ලෙස ද දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන් වන්නේ මේ වන විට චීනය සහ ඉන්දියාව වැනි රටවල කොරෝනා වෛරසය සීග්‍ර ලෙස පැතිර යන බවය.

එය ඉතාමත් වේගයෙන් ලොව අනෙකුත් රටවලට පැතිර යාමට ඉඩ පවතින බැවින් ඒ සඳහා දැඩි විමසිල්ලෙන් පසුවන බවද ලෝක සෞඛය සංවිධානය පෙන්වා දෙයි.

එමෙන්ම නිරන්තරයෙන් මුඛ ආවරණයක් පළඳින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නව COVID-19 ප්‍රභේදය මගින් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ වැඩි කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසූවේ  PCR පරීක්ෂණ පහසුකම් සහිත රෝහල් COVID-19 රෝගියෙකු හඳුනා ගැනීම සඳහා මේ වනවිට සූදානමින් පවතින බවය.

ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය. තවද, උණ රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා හෝ ඇතුළත් වන රෝගීන් පිළිබඳ නිරීක්ෂණ වැඩි කරන ලෙස අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බව ලේකම්වරයා පැවසීය.

යළිත් ලොව යම් යම් රටවල මතුවෙමින් පවතින කොවිඩ් වෛරස ආසාදනයන් පිළිබඳ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ දැඩි අවධානයෙන් පසුවන බවද, සීමාවන් පැනවීම දැනට අවශ්‍ය නැති බවත් ඔහු අවධාරණය කළේය. 

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved