Connect with us

පුවත්

“Crisis bonds ගත් අයට සුපිරි ලාභයක් දී EPF වෙත පමණක් බර පැටවීම අසාධාරණයි”

Published

on

පසුගිය කාලයේදී අඩු මිලට බැඳුම්කර මිලදීගත් බැංකු ඇතුළු පාර්ශවයන්ගේ ප්‍රාග්ධන ලාභ මත ප්‍රමාණවත් බදු පනවන්නේ නැතිව සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් මත පමණක් දේශීය ණය ප්‍රශස්තකරණයේදී බදු පැනවීම අසාධාරණ යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ඔහු පැවසුවේ ඉදිරියේදී සේවක අර්ථ සාධක අරමුදල් පනතට සංශෝධනයක් ගෙන එමින් මෙම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

“අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 3400 ක් පමණ තියනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේදී කළ යෝජනාව තමයි අර්ථ සාධක අරමුදල බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලබන පොලිය 14% ක සිට 30% ක් දක්වා වැඩිකිරීම. ස්වකැමැත්තෙන් තමයි මේ බදු වැඩි කිරීම කරන්නේ කියල කිව්වට මේක බලහත්කාරයෙන් තමයි දැන් කරන්නේ.“

දේශීය ණය ප්‍රශස්තකරණයේදී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට 9% ක ප්‍රතිලාභයක් ලබාදීම නීත්‍යාණුකූලව සහතික කර නොමැති බවත් ඒ තත්ත්වය තුළ crisis bonds (අර්බුද කාලයේ මිලදීගත් බැඳුම්කර) මිලදීගත් පාර්ශවයන්ට දැවැන්ත ප්‍රතිලාභයක් ලබාදීම සාධාරණ නොවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

“දේශීය ණය ප්‍රශස්තකරණයේදී අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට සැලකිය යුතු අලාභයක් සිදුවෙනවා. සමහරු කියනවා මේ නිසා අර්ථ සාධකයෙන් 50% ක් කැපෙනවා කියලා. ඒක බොරු කතාවක්. නමුත්, 4% ත් 21% ත් අතර අලාභයක් තෝරාගන්නා විකල්ප අවස්ථා අනුව ලැබෙන්න පුළුවන්.“

මේ නිසා, අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට අවම සහ උද්ධමනයට සාපේක්ෂව ධන මූර්ත පොලියක් ලැබෙන ලෙස නීතිය වෙනස් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය. එසේම, තරුණයින් ගැන කතා කරන ආණ්ඩුව මෙහිදී වැඩිම හානිය සිදුකර තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ අවුරුදු 40 ගණන්වල සිටින සාමාජිකයින්ට බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved