Connect with us

පුවත්

DIG වෙස් ගෙන පේරේ පීඨාධිපතිව අන්දන්න හදලා!

Published

on

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට ව්‍යාජ දුරකථන ඇමතුම් ලබා දුන් බව පවසමින් ශිෂ්‍ය සංගම් සභාපතිවරයකුට එරෙහිව එම පීඨාධිපතිවරයා විසින් පැමිණිල්ලක් සිදුකර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙම පුද්ගලයා විසින් පසුගිය 20දා තමා පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බව පවසමින් පේරාදෙණිය පොලීසියට දුරකථන ඇමතුමක් ලබාදී එහි සිටි පොලිස් කොස්තාපල්වරියකගෙන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ දුරකථන අංකය ඉල්ලා ගෙන ඇතැයි “ලංකාදීප” වාර්තා කරයි.

පසුදිනකදී මොහු විසින් පීඨාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් පහක් ලබාගෙන ඇති බවත්, පීඨාධිපතිවරයාට ඒ අවස්ථාවේ එම ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වූයෙන්, පසුව එම අංකයට කතා කර ඇත. එහිදී මෙම පුද්ගලයා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නමක් සඳහන් කර ඇතැයි පොලීසිය පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට බැන වැදීම නිසා සිසුන් කලබලයට පත්වී කොළඹ උද්ඝෝෂණයක් සංවිධානය කර ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා වරෙන්තුවක් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කතා කළ පුද්ගලයා දැනුම් දුන් බව පීඨාධිපතිවරයා පොලීසියට පවසා ඇත.

තවද, විශ්ව විද්‍යාලයේ ඇති සියළුම ලිපි ලේඛන 21දා කුලපතිවරයාට භාරදී පරීක්ෂණයක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණෙන ලෙසද මොහු තමාට පැවසූ බව පීඨාධිපතිවරයාගේ පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ.

පුවත්

16 වන රණවිරු සැමරුම අද පස්වරුවේ ජනපති ප්‍රධානත්වයෙන්

Published

on

By

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන “ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය” අද පැවැත්වේ.

ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද පස්වරු 4 ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවය ආරම්භ වීමට නියමිතය.

ඊට සමගාමීව බත්තරමුල්ල ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකය.

පොලීසිය සඳහන් කළේ, මාර්ග වසා දැමීමක් නොකරන බවය.

යම් රථ වාහන තදබදයක් ඇති වුවහොත්, පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියයෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයෙන්, කොළඹ දෙසට ගමන් කිරීම සහ පිටවීම සීමා කිරීමට සිදුවන බව, පොලීසිය පවසයි.

ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට, පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර, පාලම් තුන හන්දියෙන් කියයෑම් හන්දිය දක්වා ගමන් කළ හැකිය.

කොළඹට ඇතුළු වන වාහන වලට කියයෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර, පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ධාවනය කළ හැකි ය.

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමති බවය.

මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු 2ට පාර්ලිමේන්තු කාරක සභා කාමර අංක 8 හිදී රැස්වීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කමිටුව පත් කරනු ලැබීය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මහින්දානන්දගේ නීතිඥවරයාගෙන් අල්ලස් කොමිසමේ ප්‍රධානියාට ලිපියක්

Published

on

By

අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට වරෙන්තු නිකුත් කර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතිඥවරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂක ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved