Connect with us

පුවත්

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමට අවශ්‍ය මූලික පනත් කෙටුම්පත ගැන සාකච්ඡාවක්

Published

on

පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

මෙහිදී පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට අදාළ මූලික පනත් කෙටුම්පත පිළිබඳව පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු විය.  එසේම තවදුරටත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට නැවත සති දෙකකින් රැස්වීමට තීරණය කෙරුණි.

මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කථානායක – අජිත් රාජපක්ෂ, විපක්ෂනායක – සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේ සභානායක – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක – ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරුන් වන – නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එම්. යූ. එම්. අලි සබ්රි, ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, කබීර් හෂීම්, කුමාර වෙල්ගම, සාගර කාර්යවසම්, ශාන් විජයලාල් ද සිල්වා, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, හර්ෂ ද සිල්වා, වීරසුමන වීරසිංහ, වී. රාදක්‍රිෂ්නන් සහ ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරු සහභාගී වූහ.

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ද සහභාගී වූහ.

පුවත්

තොණ්ඩමන් පොලීසිය ඉදිරිපිට යකා නටයි

Published

on

By

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ  පිරිසක් අද (01) නුවරඑළිය පොලිස් ස්ථානය අසල විරෝධතාවයක නිරත වී තිබේ.

මෙම විරෝධතාවය හේතුවෙන් නුවරඑළිය අවට පොලිස් ස්ථානවලින් අමතර පොලිස් බලඇණි නුවරඑළියට කැඳවා තිබූ බවයි වාර්තා වේ.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන් නුවරඑළිය, පිඩෘ වතුයායේ තේ කර්මාන්ත ශාලාවට පසුගියදා සිය ආධාරකරුවන් පිරිසක් සමග ගොස් එහි පාලනාධිකාරිය කාර්යාල අඩස්සියට ගෙන තිබුණි.

ඒ, එම තේ කර්මාන්ත ශාලාවේ වැඩ කරමින් සිටි සේවකයින්ව ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඊට එරෙහිව එම වතුයායේ පාලනාධිකාරිය විසින් අද නුවරඑළිය පොලීසියට කළ පැමිණිල්ලකට විරෝධය පළ කරමින් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් පිරිස නුවරඑළිය පොලීසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

විරෝධතාවයේ නියැලී සිටි අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට පොලීසිය තුළට පැමිණෙන ලෙසට නුවරඑළිය පොලීසියේ නිලධාරින් අවස්ථා කිහිපයකදී ඉල්ලිම් කළත්, එම ඉල්ලීම් අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

පසුව අමාත්‍යවරයා පොලීසිය තුළට ගොස් උසස් පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර පිටතට පැමිණ ආධාරකරුවන් හමුවේ කියා සිටියේ වතු පාලනාධිකාරිය මගින් තමන්ට සහ තම ආධාරකරුවන්ට එරෙහිව කර ඇති පැමිණිල්ල ඉල්ලා අස් කරගැනීමට එකඟතාවය පළ කළ බවය.

අමාත්‍යවරයා එම ප්‍රකාශය සිදු කිරීමෙන් පසු ආධාරකරුවන් පොලීසිය ඉදිරිපිටින් ඉවත්ව ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවෙයි; යලි කියනතුරු වසා දමයි

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ අනුව, යළි දැනුම්දෙනතුරු වැලිපැන්න පිවිසුම වසා තැබෙන අතර අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැම්ම අන්තර් හුවමාරු භාවිත කළයුතු බවද එම අධිකාරිය දැනුම් දෙයි.

Continue Reading

පුවත්

ඉන්දියාව කියන ISIS අය නිසා පොලිසිය මෙරට සමාජ ජාලා පීරන්න මෙහෙයුමක

Published

on

By

අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ බවට ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස විසින් හෙළි කළ තොරතුරුවලට අනුව මෙරට ක්‍රියාත්මක වන ඇතැම් සමාජ ජාලා කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්ෂක අංශ තීරණය කර ඇතැයි “දේශය පුවත්පත” වාර්තා කර ඇත.

මේ අනුව වට්ස්ඇප් ගෲප්, ටෙල්ග්‍රෑම් ගෲප්, වයිබර්, මැසේන්ජර් ආදී සමාජ ජාලාවල සමූහ වශයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායම් සම්බන්ධයෙන් සොයා බැලීමට සැරසෙන බව එහි දැක්වේ.

විශේෂයෙන් අන්තවාදී ආගමික ප්‍රචාර සිදුකරමින් ඇතැම් කණ්ඩායම් සාමූහික වශයෙන් එක්රැස් කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසූ බවද එම පුවත්පත වැඩි දුරටත් වාර්තා කර ඇත.

කෙසේවුවද, පසුගිය 08 වැනිදා “දිනපතා අරුණ” පුවත්පත වාර්තා කර තිබුණේඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා අයි.එස්.අයි.එස්. (ISIS) සංවිධානයට සම්බන්ධ බවට චෝදනා කළද මෙරට තුළ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ, රාජ්‍ය ඔත්තු සේවාව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මෙතෙක් කළ විමර්ශනවලදී මෙම සිව්දෙනා මත්ද්‍රව්‍ය හා රත්රන් ඇතුළු නීති විරෝධී ජාවාරම්වලට හැරෙන්නට ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට හෙළි වී නොමැති බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඉන්දීය බුද්ධි අංශ ඇතුළු එරට ආරක්ෂක බලධාරින් ලංකාවට පැමිණ මාස ගණනක් විමර්ශන කළත් මෙවර එවැනි විමර්ශනයක් සඳහා තොරතුරු හුවමාරු කර ගැනීමටවත් කතා කර නොමැති බවද එහි දක්වා තිබිණි.

ඉන්දියානු මැතිවරණ කාලසීමාව තුළ මෙවැනි මාතෘකා ඉදිරිපත් කර දැඩි ප්‍රචාරයක් දෙන ප්‍රචාරක ව්‍යාපෘති මීට ඉහත වතාවත්වලදීත් සිදුව ඇති බව රජයේ ඉහළ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවසූ බවද එම පුවත්පත වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව තුළ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී ක්‍රියාකරුවන් සිටින බවට කළ ප්‍රචාරයෙන් සංචාරක ව්‍යාපාරයට ද බලපෑමක් එල්ල වී ඇති බව අදාළ නිලධාරියා එහිදී පවාස තිබිණි.

සබැඳි පුවත්:

ඉන්දියාව ISIS යැයි කියා අල්ලා ඇත්තේ කුඩ්ඩෝ 4ක්; බොරු ප්‍රචාරයක් කළේ ඇයි?

ශ්‍රී ලංකාවෙන් ගිය ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුවට

ISIS බවට සැක ලාංකිකයින් මෙහෙයවූ බව කියන පුද්ගලයා CID අත්අඩංගුවට

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved