පුවත්

DTTB ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුවකට අත්සන් තබයි

Published

on

ජපානයේ “ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය” (DTTB) වෙනුවෙන් සවිස්තරාත්මක සැලසුම සඳහා උපදේශක කොන්ත්‍රාත්තුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ජපන් සමාගමක් වන යාචියෝ ඉංජිනේරු ආයතනය අතර ඊයේ (03) අත්සන් කරන ලදී. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය – වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය – වෛද්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතාල  ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය – ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති – අකිඕ ඉසොමතා යන මහත්වරුන් සහභාගී විය.

ඩිජිටල් භෞමික රූපවාහිනී විකාශන ව්‍යාපෘතිය යනු සීමිත සහ දුර්ලභ සංඛ්‍යාත ඵලදායී ලෙස භාවිතා කිරීම තුළින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා පදනම වන ඩිජිටල් ආර්ථිකයකට පරිවර්තනයට සහාය වන ව්‍යාපෘතියකි. ස්වාභාවික විපත් පිළිබඳ තොරතුරු සහ අනතුරු ඇඟවීම් ඇතුළු විවිධ අන්තර්ගතයන් සැපයීම සහ විකාශන කර්මාන්තයේ සෞඛ්‍ය සම්පන්න තරඟකාරී පරිසරයක් සුරක්ෂිත කිරීම තුළින් ජනතාවගේ ජීවිත වැඩිදියුණු කිරීමට ද මෙම ව්‍යාපෘතිය දායක වේ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ගිවිසුම අවසන් වූ දා සිට උපදේශක ගිවිසුම අත්සන් කිරීමට අදට වසර 10 ක් ගත වූ බව සඳහන් කරමින්, ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළ යුතු බව තානාපති ඉසොමතා මහතා මෙහිදී අවධාරණය කළේය. ඩිජිටල්කරණය වූ ආර්ථිකයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ස්ථාවර ආකාරයකින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලු පාර්ශවයන් සමීපව කටයුතු කරනු ඇතැයි ද ඔහු අපේක්ෂා කළේය.

Trending

Exit mobile version