Connect with us

පුවත්

E-8 යන වීසා ගිවිසුම නීත්‍යානුකූල නැහැ

Published

on

E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්‍යවරයා නීත්‍යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

සභාපතිවරයා ඊයේ (28) මාධ්‍ය වෙත කියා සිටියේ ලංකාවේ කිසිඳු පෞද්ගලික ඒජන්සි ආයතනයකට ශ්‍රමිකයින් මේ වීසා ක්‍රමය යටතේ කොරියාවට යැවිමට හෝ‍ මුදල් එකතු කිරිමට අවසර ලබාදී නොමැති බවය.

‘දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය එක්වෙලා දහස් ගණනක ශ්‍රි ලාංකික තරුණ පිරිසකට රැකියා අවස්ථා ලබාදීලා තිබෙන අතර එම රැකියා වලට අමතරව E-8 යන වීසා ක්‍රමවේදය පිළිබඳව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇතිවෙලා තිබෙන බව ඔහු සඳහන් කලේය.

2019 වසරේ ඉඳන් මෙම රැකියා ලාංකිකයින්ට ලබාගැනීමට සාකච්ඡා කර තිබු නමුත් යම් යම් කරුණු හේතුවෙන් එම සාකච්ඡා නතර වි තිබෙන බව සභාපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ,

“ 2024 අප්‍රේල් 06 දින මෙරට හිටපු අමාත්‍යවරයෙක් තම පුද්ගලික අභිමාතාර්ථ අනුව ඒ රටට ගිහින් වන්දෝ  (Wando)   කියන පලාතේ ආණ්ඩුකාරවරයාත් සමග ගිවිසුමක් ගහනවා. මේකට එවකට කැබිනට් අනුමැතිය හෝ වෙනත් කිසිඳු අනුමැතියක් අරන් නෑ. අනුමැතියක් නොමැතිව මේ වගේ පුද්ගලික මැදිහත්වීමක් කළාට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු වගකීමක් ගන්න බෑ. මේක සමාජ ගතවෙන්නේ ඇමතිවරයා ගිහින් රැකියා අරන් ආවා. ඒක මේ රජයෙන් නතර කරන්න හදනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ නීත්‍යානුකූල නොවන ගිවිසුමකට එළඹිලා. වන්දෝ  (Wando)   පළාතේ ආණ්ඩුකාරවරයා රවටලා නොමග යැව්වට දකුණු කොරියානු රජයට මේ ගැන ආරංචිවෙලා අපි සමග සාකච්ඡා කළා මේ ක්‍රමයට ශ්‍රමිකයින් ගෙන්න ගන්න එපා. ඒ අය විසා නොමැතිව රැඳි ඉන්න හදනවා කියලා. කොරියානු රජයේ යම් ප්‍රමිතියක් තියෙනවා E-9 වීසා යටතේ පසුගිය වසරේ දකුණු කොරියාවට 7500ක් පමණ ගියා, මේ වසරේ මේ වෙනකොට 4000ට අධික ප්‍රමාණයක් ගිහින් ඉන්නවා. මේ වසර අවසාන වෙනකොට 7000ට අධික ප්‍රමාණයක යවන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ කණ්ඩායම යන්නේ වසර 4යි මාස 10ක කාලයකට. කෙටි කාලීන විසා ක්‍රමවේදය යටතේ ගිහින් ලංකාවේ අය නීතිවිරෝධිව රැඳි සිටියොත් මේ පිරිසටත් රැකියා අහිමිවීමේ අවධානමක් තියෙනවා කියලා දකුණු කොරියානු රජයෙන් දැනුම්දීමක් කරලා තිබෙනවා. ඒක නිසා නීත්‍යානුකූල ක්‍රමවේදයට ලැබුණු රැකියා, විශාල ආදායමක් ලබාගත හැකි රැකියා නැති කරගන්න අපි කිසිසේත්ම සූදානම් නෑ. අපි මේක නැවත සමාලෝචනය කළ යුතුයි කියන තීරණයේ ඉන්නවා. ඊට තව සුළු කාලයක් යයි. කොරියානු රජය තරහ කරගන්නේ නැතිව අපි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. අපි රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ E-8 යන වීසා ක්‍රමවේදය යටතේ දකුණු කොරියාවට යන්න මුදල් දෙන්න එපා. කිසිම දිරිමත් කිරීමක් කරන්න එපා. කවුරුන් හෝ මේ රැකියා සඳහා මුදල් අය කරන්නේ නම් කරුණාකර අපිව දැනුවත් කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීසා ක්‍රමවේදය නිත්‍යානුකූල ක්‍රමවේදයක් නොවෙයි කියලා සමාජයත් දැනුවත් කරන මෙන ඉල්ලා සිටිනවා

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved