විවිධ පාර්ශවවලින් ලැබුණු E8 වීසා ගිවිසුම් අද (25) නීතිපතිවරයාට භාරදීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ, අදාළ ගිවිසුම්වල වලංගු භාවය පරීක්ෂා කිරීම වෙනුවෙන් ය.
එහි අතිරේක සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඊ 8 වීසා යනු කෙටිකාලීනව මාස 8 ක් දක්වා කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා දකුණු කොරියාවට පැමිණීමට අවසර ලබාදෙන ක්‍රමවේදයක් බවයි.
මේ අතර, කොරියාවේ කෙටිකාලීන රැකියා අවස්ථා හිමිවුණු එහෙත් කොරියාවට යෑමට අවස්ථාව නොලැබුණු පිරිසක් එක්ව සිදුකරන විරෝධතාව අදත් ක්‍රියාත්මක ය.
සත්‍යග්‍රහ ව්‍යාපාරය ඊ 8 වීසා එකමුතුව නමින් -අද තුන්වැනි දිනටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට ක්‍රියාත්මක
බව විරෝධතාකරුවන් පැවසුවේ ය.
107 දෙනෙකුගෙන් යුතු එම පිරිසට දකුණු කොරියාවට යෑමට නොහැකි වී ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදීම හේතුවෙන් ය.