Connect with us

පුවත්

Emerchemie හි අලසකම නිසා ඉන්සියුලින් නැතිව රෝගීහු අසරණ වෙති

Published

on


දිවයිනපුරා රෝහල්වලට පැමිණෙන දියවැඩියා රෝගින්ට ලබා දෙන ඉන්සියුලින් නොමැතිවීම නිසා සායනවලට ඊයේ (27) පැමිණි රෝගීන් දැඩි අසීරුතාවට පත්වූ බව වාර්තා වේ.

කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රෝහල් රැසක ඉන්සියුලින් නොමැති බව වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රකාශ කර තිබේ.

මික්සටාර්ඩ් (Mixtard) නමැති මෙම ඉන්සියුලින් රෝගීන්ට ලබා දෙන්නේ නිවෙස්වලට ගොස් එන්නත් කර ගැනීම සඳහායි.

එන්නත් හිඟයට හේතු වී ඇත්තේ එන්නත් කුප්පි හත්ලක්ෂ පනස් දෙදහසක් ලබා ගැනීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ටෙන්ඩර් කැඳවා එම ඇණවුම
Emerchemie NB (Ceylon) Limited නැමැති සමාගමට ලබා දී ඇති නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහෙත් Emerchemie NB (Ceylon) Limited සමාගම ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයැදුම්පතක් ඉදිරිපත්කර ඇතත් මෙතෙක් ඊට අනුමැතිය ලබා නොදීම නිසා එම ඉන්සියුලින් සැපයීමට නොහැකි වී ඇතැයි ද පැවසේ. 

මේ පිළිබඳව හිටපු සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වැනිදා පැවැති ඖෂධ සමාලෝචන රැස්වීමේදීද අවධානය යොමු කර ඇත. 

එම අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ යාවත්කාලීන කරන ලද බලපත්‍රය සූදානම් කර ඇති බවයි. කෙසේවුවද, අදාළ සමාගම එම බලපත්‍රය ලබා ගැනීමට මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තා වේ.

මේ නිසා මෙම ඉන්සියුලින් හිඟය නිර්මාණය වී තිබේ.

මෙරට දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දාහතර ලක්ෂ දාහත් දහසකට අධික වෙයි. ඉන්සියුලින් සඳහා ලියාපදිංචිය යාවත්කාලීන කර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති අයැදුම්පත ට අනුමැතිය ලබා නොදීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධව පුවත්පතට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරන බවයි.

ඖෂධ ආනයන කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද Emerchemie NB (Ceylon) සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු  කරනු ලබන මයිල්වාගනම් ප්‍රතාපන් නැමැත්තාය.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved