Connect with us

පුවත්

Epic මගඩි ගැන සොයන්නැයි CIDය අල්ලස් කොමිසමට දැනුම්දෙයි!

Published

on

ලංකාවේ පෞද්ගලික සමාගමකට වසර 21ක් විදේශ ගමන් බලපත්‍ර සැපැයීමේ ටෙන්ඩරය ලබාදීම හා මිලදී ගැනීම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත මැකී යාමේ  ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාළ චෝදනා එල්ලවී ඇත්තේ එපික් ලංකා (Epic Lanka) සමාගම සම්බන්ධයෙනි.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සන්ධානය කළ පැමිණිල්ලේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වංචාව සහ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇතැයි කියන වංචාවන් සම්බන්ධයෙන් සඳහන්ව ඇති බවත් එම පැමිණිල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ද මේ වන විට යොමුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොමු කළ ලිඛිත ඉල්ලීමේ සඳහන්ව තිබේ.

එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ඉල්ලා තිබේ.

එම්.ආර්.පී (සාමාන්‍ය) ගමන් බලපත්‍ර 750,000ක් සහ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර මිලියන 4.25ක් සැපැයීම ලෙස මුල් කොන්ත්‍රාත්තුව සංශෝධනය කරමින් 2024 වසරේ සැප්තැම්බර් මස 13 වන දින ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර කොන්ත්‍රාත්තුවේ සංශෝධනයකට අත්සන් කළ බවත් සමාගම් දෙකකින් එම්.ආර්.පී (සාමාන්‍ය) ගමන් බලපත්‍ර මිලදී ගැනීම සහ ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර කොන්ත්‍රාතුවට එරෙහිව අදාළ සමාගම අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකර සැප්තැම්බර් මස 27 වැනිදා අතුරු ආඥාවක් ලබාගත් බවත් එම පැමිණිල්ලේ සඳහන්ව තිබේ.

එම ගමන් බලපත්‍රයක් සඳහා අදාළ සමාගමට ඇමරිකානු ඩොලර් 1.45ක් ගෙවීමට යටත්ව එම්.ආර්.පී (සාමාන්‍ය) ගමන් බලපත්‍ර සැපැයීමට ඉඩදෙමින් අතුරු තහනම් නියෝගය ඔක්තෝබර් මස 01 වැනිදා වෙනස් කළ බවත් අභියාචනාධිකරණය එම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 18 වැනිදායින් පසුව නැවත දීර්ඝ නොකළ බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

නිසි තීරණයක් නොමැතිකම හේතුවන් වත්මන් දෛනික ගමන් බලපත්‍ර අවශ්‍යතාව 4000 – 5000කට ආසන්නව තිබියදී ද දෛනිකව නිකුත් කරනු ලබන ගමන් බලපත්‍ර සංඛ්‍යාව 3000ක් පමණ වන බව ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.

දත්ත මගඩිය…..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත මැකී යාමේ සිද්ධියේ චෝදනා එල්ලවී ඇත්තේ එපික් ලංකා ටෙක්නොලජීස් ආයතනයටය.

ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩය යනු මෙරට සංවේදී තොරතුරු ඇතුළත් අධිසංවේදී පද්ධතියකි. එය සුරක්ෂිත කොට රැක බලාගැනීමේ පරිපාලන වගකීම හා පැවරී තිබුණේ ICTA ආයතනයටය. එපික් සමාගම NMRA දත්ත පද්ධතියේ සේවා සැපයුම්කරුවායි. 

ICTA ආයතනය සතු ශ්‍රී ලංකා රජයේ ක්ලවුඩයෙන් NMRA දත්ත මැකීයාම වාර්තාවන්නේ 2021 ජුලි 9 වැනිදායි. 

NMRA සේවා සැපයුම්කරු වන එපික් සමාගම පවසන්නේ එය ඉංජිනේරුවරයෙකු අතින් සිදුවූ අත්වැරදීමක් බවයි. 

ඒ අනුව NMRA හි අධිසංවේදී තොරතුරු පද්ධතියෙන් කොටසක් අහිමිව යයි. 

පසුව තොරතුරු අනාවරණය වන්නේ කොවිඩ් වසංගතය හමුවේ සිදුකෙරුණු NMRA සතු සංවේදී දත්ත ගොනුවක් ද මෙලෙස අතුරුදන්ව ඇති බවයි. 

නමුත් ICTA පැවසුවේ, කොව්ඩ් 19 වසංගතයට අදාළ ඖෂධ හා වෛද්‍ය උපකරණවල දත්තවලින් කොටසක් මැනුවල් හෙවත් භෞතික ක්‍රමයට රැස්කරගෙන ඇති බවයි. 

නමුත් NMRA කොවිඩ් සමයේ දැන්වීම් පළ කර තිබුණේ අන්තර්ජාලය හරහා තොරතුරු ඇතුළත් කරන ලෙසයි. 

එපික් සමාගම් සමූහයේ විධායක සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ආචාර්ය නයන දෙහිගම මහතාය.

සබැඳි පුවත්

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved