පුවත්

Facebook නඩුවට නීතීඥ සංගමයත් එක් වේ

Published

on

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (සමාජ මාධ්‍ය පනත ) යටතේ ශ්‍රී ලංකාවේ මුල් වතාවට Google – WhatsApp  සමාජමාධ්‍ය ජාලා වලට හා පුද්ගලයින් 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව නිරීක්ෂණයට තමා මැදිහත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ කෞශල්‍ය නවරත්න මහතා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මියට ඊයේ දැනුම් දෙන ලදී.

තම පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයේ සංසරණය වීම වළක්වාලන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ නඩුවක් ගොණු කිරීම සිදුවිය.

පෙත්සම්කාර ජනක රත්නායක මහතාට මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පවත්වාගෙන යෑමට නීතිමය හැකියාවක් නැතිබව වගඋත්තරකරුවන්ගේ  නීතීඥවරුන් පෙන්වා දෙන දුන්හ.

ඔවුන් විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලද්දේ, සමාජ මාධ්‍ය පනත අපරාධ නීතියට යටත් කරමින් නඩු පැවරීමේදී අධිකරණ බලය පිළිබඳ ගැටලු මතුවන බවත් එම මූලික විරෝධතාව නිරාකරණයෙන් අනතුරුව නඩුව විභාග කල යුතු බවත් ය.

මෙලෙස මූලික විරෝධතාවයන් ඉදිරිපත් කිරීමෙන් පසුව, කරුණු විභාග කර බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මූලික මූලික විරෝධතාවන් පිළිබඳ නඩු විභාගය මැයි 02 දිනට කල් තැබුවාය.

Trending

Exit mobile version