Connect with us

පුවත්

FACETS ඕපනින් එක කැඳ හැළියක්! (ඡා​යා)

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ආරම්භ කරන ලද “FACETS Sri Lanka 2025” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණයේ සමාරම්භක උත්සවය දුර්වල සංවිධාන කටයුතු හේතුවෙන් කැඳහැළියක් වී තිබිණි.

මීට පෙර අවස්ථාවලට වඩා විශාල ආරක්ෂක රැකවල් මධ්‍යයේ අද (04) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අමාත්‍යංශ කිහිපයකින් ආරාධනා ලැබී තිබුණද, ඔවුන්ගේ නම් හා ජාතික හැඳුනුම්පත් අංක ආරක්ෂක අංශ වෙත ලැබී නොතිබීම නිසා මාධ්‍යවේදීන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන්ද දැඩි අපහසුතාවයට පත්ව විය.

එසේම, මාධ්‍යවේදීන්ට ආරාධනා කර තිබුණද සමාරම්භක උළෙලේ මාධ්‍ය වෙනුවෙන් සංවිධායකයින් පුටුවක් හෝ වෙන්කර නොතිබීම නිසා ඇතැම් මාධ්‍යවේදීන් එය ආවරණය නොකර ජනපතිවරයා පැමිණිමට ද පෙර ඉන් පිටව ගියේය.

මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හා ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) එක්ව සංවිධානය කරනු ලබන අතර එය ලබන 6 වැනිදා දක්වා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වේ.

මේ අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරු, තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් එක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka මෙවර පැවැත්වෙන්නේ 31 වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයින් ඊට එක්වී සිටින බවද එහි දැක්වේ.

මෙම කර්මාන්තයේ ප්‍රමුඛයන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ ලොව පුරා වෙළෙඳුන්, අපනයනකරුවන් සහ තවත් බොහෝ අය සමඟ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කිරීම බවත්, “FACETS Sri Lanka 2025” ප්‍රදර්ශනය  මඟින් අපනයනයෙන් එක්සත් ජනපද ඩොලර්  බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අපේක්ෂාව බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය

සබැඳි පුවත්:

ලංකාවේ ලොකුම මැණික් ප්‍රදර්ශනයට සංචාරක බලධාරීන්ගෙන් කිසි සහයක් නෑ!

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved