Connect with us

පුවත්

FB ගිනුම් කිහිපයක තොරතුරු CIDයට දෙන්නැයි ෆේස්බුක් ආයතනයට නියෝගයක්

Published

on

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20) නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්-තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා විසින් එම නියෝගය කළේය.

අන්තර්ජාලය භාවිත කර ‘පුස් බුද්ධා’ (Puss Buddha) හා ‘පුස් බුදුන්ගේ අනුගාමිකයෝ’ (Followers of Puss Buddha) නමින් සමාජ මාධ්‍ය ගිණුම් නිර්-මාණය කර එමගින් බුදු දහමට හා බුදුන් වහන්සේට නින්දා සහගත හා අපහාස සිදුවන ආකාරයේ සිදුකළ පළකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්-තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද එහි නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්-තමේන්තුවට දැනුම් දුන්නේය.

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved