Connect with us

පුවත්

FitsAir ගුවන් යානයක් ඇතුලේදී මගීන්ගේ ලක්ෂ 50ක් උස්සලා, ගුවන් සමාඟම මාධ්‍යත් මඟහරියි

Published

on

ඩුබායිහි පැවති වෛද්‍යවරුන්ගේ සමුළුවකට සහභාගි වීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ බැංකු නිලධාරියකු ඇතුළු පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් FitsAir සමාගමට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා යමින් සිටියදී ඔවුන්ගේ අත්බෑගවල තිබූ රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

මේ මුදල් නැතිවී ඇත්තේ FitsAir ගුවන් යානයේ මගීන්ගේ අත්බෑග තබනු ලබන කුටියේ තබා තිබූ අත්බෑග තුළ තිබියදී බවත් පැවසේ.

එසේ නැතිව ඇති සමස්ථ මුදල ඇමරිකානු ඩොලර් 15,000ක් හා ඩිරාම් 6,000ක් බවද වාර්තා වේ.

එම ගුවන් යානයේ ගමන්ගත් යුද හමුදා රෝහලේ සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ඇමරිකානු ඩොලර් 3,000ක් තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ ඇමරිකානු ඩොලර් 3,000ක් හා 2,500ක් සහ බැංකු නිලධාරියකුට අයත් ඇමරිකානු ඩොලර් 2,000ක් හා ඩිරාම් 3,000ක් ද එම ගුවන්යානයේ ගමන්ගත් තවත් මගීන් කිහිප දෙනෙකුගේ ඇමරිකානු ඩොලර් 5000කට ආසන්න මදුලක් හා ඩිරාම්ද සොරකම්කර ඇති බවට කටුනායක ගුවන්තොටුපළ පොලිසියට සහ නොම්බර 09, අබ්දුල් ගෆූර් මාවත, කොළඹ 03 යන ලිපිනයේ පිහිටි FitsAir ගුවන් සමාගම් ශාඛාවට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

සමුළුවට සහභාගි වූ වෛද්‍යවරුන්ට අතමතරව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද එම ගුවන් යානයේ ගමන් කර ඇති බවත්, එම ගුවනයානයේ මගින්ගේ ගමනාන්තය වූ ඩුබායිහිදී ඔවුන්ගේ අත් බෑග පරික්ෂා කිරීමේදී මේ මුදල් නැතිවී ඇති බව තහවුරුව තිබේ.

මුදල් නොමැති වීමෙන් දැඩි අපහසුතාවට පත්ව ඇති ඔවුන් ඒ පිළිබඳව ඩුබායි පොලිසියට පවසා ඇතත්, ඩුබායි පොලිසිය පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය සහ කටුනායක ගුවන්තොටුපළට පැමිණිලි කරන ලෙසයි.

ඔවුන් ලංකාවට පැමිණි විගස කටුනායක ගුවන් තොටුපළ පොලීසියට සහ අදාල ගුවන් සමාගමට පැමිණිලි කළ ද මේ දක්වා මුදල් හෝ සොරුන් අල්ලා ගැනීමට කිසිදු පාර්ශ්වයක් සමත් වී නොමැති බවද වාර්තා වේ.

අගතියට පත් මගීන් කොල්ලූපිටියේ පිහිටි අදාළ ගුවන් සමාගමට ගියද ඔවුන් මගහරින තත්ත්වයක් ඇතිවී ඇති අතර අදාළ ගුවන් යානය තුළ සීසීටීවී කැමරාවක්වත් නොමැති බව පැවසේ.

එම සිද්ධියෙන් පසු දින ඩුබායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයකදී හොරකමක් කෙළේ යැයි විදේශිකයකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම විදේශිකයා මෙම සොරකම වූ ගුවන් යානයේ ගමන් කර ඇති බවට වාර්තා වන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් අදාල ගුවන් සමාගම මගීන්ගේ මුදල් ඇතුළු දේපළ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් වගකිය යුතු බවත් ඔවුන්ට එසේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත් අගතියට පත් මගීහු කියා සිටිති.

මෙම සිද්ධිය පිළිබඳව “ලංකාදීප” අදාල ගුවන් සමාගමෙන් කළ විමසමකදී එහි කළමනාකරුවකු යැයි සඳහන් කළ පුද්ගලයකු ජනමාධ්‍යට කිසිවක් පැවැසිය නොහැකි බව සඳහන් කර තිබේ.

FitsAir ගුවන් සමාගම කාගෙද ?

FitsAir ගුවන් සමාගම ආබ්දීන් හෝල්ඩිංග්ස් සමාගමට (Aberdeen Holdings) අයත් එකක් වන අතර එහි ආබ්දීන් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ සතාර් කාසිම් මහතාය. මෙය කාසිම් පවුලේ සමාගමක් ලෙස ද වැඩිදෙනෙකු සලකනු ලැබේ.

පුවත්

පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙස දැනුම්දීමක්

Published

on

By

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කලයුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව තරග කරන ලද දිස්ත්‍රික්කවල තේරිම් භාර නිලධාරීන් වෙත මෙම ආදායම් වියදම් වාර්තා ලබාදෙන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබාදීමට අපොහොසත් වන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන්  ගැටලුවක් පවතින බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

කොට්ටාවේ පත්තු වූ වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මරුට

Published

on

By

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (08) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමක් සිදුවිය.

වෙඩිතැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලැබූ අතර ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. 

Continue Reading

පුවත්

අද පස්වරුවේ තද වැසි

Published

on

By

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved