පුවත්

G 20 නියෝජිතයන් සාංචි නරඹයි

Published

on

සර්වඥ ධාතූන් වහන්සේලා සහ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා එක්කම පුදබිමක වැඩවාසය කරන ලෝකයේ ඇති එකම ස්ථානය වන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි පිහිටි සාංචි ස්තූප සංකීර්ණය නැරඹීමට G20 ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීමට පැමිණි රටවල් 20 ක නියෝජිතයෝ පසුගියදා (17) පැමිණිම ඉතාමත් ඉහලින් අගය කරන බව සාංචි චේතියගිරි විහාරාධිපති ජපානය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

සාංචි ස්තූපය සහ එහි ඇති ද්වාර තොරණ් හි කැටයම්,ගොඩනැගිලි,ඓතිහාසිකත්වය, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පිළිබඳ මෙන්ම අශෝක අධිරාජ්‍යයාගේ  පණිවිඩ පිළිබඳ සහ  මේවා ඉදිකර ඇති ශෛලිය පිළිබඳ මෙම ජාත්‍යන්තර ජන නියෝජිතයෝ ඉමහත් විස්මයට පත් වූ බව රයිසන් දිස්ත්‍රික් මාධ්‍යවේදී අම්බුජ් මහේෂ්වරී ඒ මහතා සඳහන් කර ඇත.

බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය දක්වා වන කතාව සාංචි චෛත්‍යය පරිවාරයේ ආලෝක ධාරා හා ලේසර් කිරණ සන්දර්ශනයක් මගින් මෙම නියෝජිතයන්ට ප්‍රදර්ශනය කරනු ලැබීය.

මෙම නියෝජිතයන් මෙම පුද බිම නම් කළේ ලෝක සාමයේ දේශය ලෙසයි.

ස්ථානයේ ඇති ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඉන්දීය පුරාවිද්‍යා බලධාරීන් මෙම නියෝජිතයන්ව දැනුවත් කළේය.හිත් අතිරේකව ඉන්දීය විශිෂ්ට කලාකරුවන් පිරිසක් මෙහි දී ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගයක් ද පැවැත් වූ බවද මාධ්‍ය වාර්තා වල දක්වයි.

Trending

Exit mobile version