Connect with us

පුවත්

GMAO රජයට සතියක කාලයක් දෙයි

Published

on

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට සම්බන්ධ නිවැරදි කළ චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවසීය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද රැස්ව එම තීරණයට එළඹි බවත් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ වෘත්තීය සටනක් අවසානයේ එම අගයන් පෙර තිබූ තත්වයටම රැගෙන ඒමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව කී චමිල් විජේසිංහ මහතා ඒ අනුව අයවැය ලේඛනයට  ජනාධිපතිවරයා සංශෝධනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට අනුකූලව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය මාර්තු මස 25 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කළ බව ද ඒ මහතා කීය.

එම මාර්ගෝපදේශයන්ට යටත්ව වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනා අගයන් සහිත චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය අප්‍රේල් මස 28 වැනිදා නිකුත් කළ බවත් එම චක්‍රලේඛයේ අමතර රාජකාරී දීමනා අගයන් ගණනය කිරීම වැරදි ලෙස දක්වා තිබුණු අතර මූලික ප්‍රතිපත්තිමය සහ තාක්‍ෂණික කරුණු ගණනාවක් ද උල්ලංඝනය කර ඇති බව නිරීක්ෂණය වූ බවත් විජේසිංහ මහතා පැවසීය.  

රජයේ වෛද්‍ය  නිළධාරින්ගේ සංගමය එම චක්‍රලේඛයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් අප්‍රේල් මස 29 වැනිදා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු වගකිවයුතු බලධාරින් සමඟ පැවති සාකච්ඡාවේදී එම වැරදි නිවැරදි කරමින් වහාම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වූ බව කී වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ එම දීමනා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන් තීරණය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ පවා ක්‍රියාත්මක නොකිරීම තුළ සෞඛ්‍ය සේවාවේ අනවශ්‍ය අර්බුදයක් ඇති කිරීම පිටුපස කුමන බලවේග ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනයක් කළ යුතු බවයි.

(ලංකාදීප)

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved