හෙට (02) සිට දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් පැය 24ක සංකේත වැඩ පෙළක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.
මෙම සංකේත වැඩ වර්ජනය සඳහා හෙට (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරුන් එක්වන බව ඒ මහතා පැවසීය.
ඉන් අනතුරුව එළඹෙන 03දා උතුරු පළාතේත්, 06දා වයඹ පළාතේත්, 07දා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වනු ඇතැයි එම සංගමය පවසයි.
එමෙන්ම 08දා මධ්‍යම පළාතේ සහ නැගෙනහිර පළාතේත්, 09දා දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩවර්ජනයට එක්වීමට නියමිතය.
රජයේ වෛද්‍ය නිලධාරීන් පවසන්නේ 10දා බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වැඩ වර්ජනයට එක්වීමට නියමිත බවය.
අදාල දිනයේ පෙ.ව. 8.00ට ඇරඹෙන මෙම සංකේත වැඩ වර්ජන පසුදින පෙ.ව. 8.00 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මාතෘ, පිළිකා, ළමා හා වකුගඩු රෝග රෝහල්වල මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල කටයුතුවලට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය බලනොපාන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.