ඊයේ (02) සිට දිවයින පුරා පළාත් මට්ටමින් ආරම්භ කර තිබූ වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.
රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසයි.
අද (03) දිනයේ උතුරු පළාතේ රෝහල්වල ද වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.
සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.
සබැඳි පුවත් :
GMOA පළාත් මට්ටමෙන් දිගටම වර්ජනයේ