පුවත්

වැස්සත් වැඩි වෙයි; අකුණුත් තර වෙයි

Published

on

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයවීම හේතුවෙන් අද (30) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ සඳහන් කරයි. 

උතුරු, නැගෙනහිර,බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද එහි ප්‍රකාශකයකු කියා සිටී.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Trending

Exit mobile version