පුවත්

HIV ආසාදිතයෝ වැඩි වෙති

Published

on

මෙම වසරේ අප්‍රේල් මස සිට ජූනි මස දක්වා වූ දෙවැනි කාර්තුව තුළ මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව,පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේ දෙවැනි කාර්තුවේදී එච්.අයි.වී ආසාදිතයන් 130 දෙනෙකු වාර්තා වී තිබෙන අතර මෙම වසරේ දෙවන කාර්තුවේ දී  එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනෙකු වාර්තා වී ඇත.

එය පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 39 ක පමණ වැඩි වීමක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ.

මෙම වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා වූ එච්.අයි.වී ආසාදිතයන් 181 දෙනා අතර අවුරුදු 15 – 24 අතර පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 3 දෙනෙකු සිටින බවද  ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

තවද දෙවැනි කාර්තුව තුළදී ඒඩ්ස් මරණ 13 ක් වාර්තා වන බවත් වසරේ ගතවූ කාලය තුළ තුළදි මරණ 28 ක් වාර්තා වන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් වාර්තාවේ දැක්වේ.

මේ වන විට ලෝකයේ එච්.අයි.වී ආසාදිතයන් මිලියන 39 ක් සිටින අතර සෑම අවුරුද්දකම අලුතින් ආසාදිතයන් මිලියන 1.3 ක් වාර්තා වේ.

එමෙන්ම පසුගිය වසරේදී ඒඩ්ස් සම්බන්ධ රෝග හේතුවෙන් හය ලක්ෂ තිස් දහසක් පමණ මියගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

(මූලාශ්‍රය  : ලංකාදීප )

Trending

Exit mobile version