Connect with us

පුවත්

HMPV අලුත් වෛරසයක් නොවෙයි, චීනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර නෑ – මහාචාර්ය චන්දිම ජීවන්දර 

Published

on

හියුමන් මෙටානියුමෝනියා නොහොත් HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, ශ්වසන ආසාදන ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවත් එය කලබල වීමට කරුණක් නොවන බවත්ය.

කෙසේවෙතත්, HMPV වෛරසය ළමයින්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණයක් ඇති අයට බරපතල විය හැකි බව ඔහු අනතුරු අඟවයි. කෙසේ නමුත්, මෙම  HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බව හෙතෙම පවසයි.

2001දී සොයාගනු ලැබූ HMPV වෛරසය, අලුත් වෛරසයක් නොවන බවත්, සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ සහිත ශ්වසන ආසාදන ඇති කරන බවත් මහාචාර්ය ජීවන්දර මහතා පවසයි.

මෙය අර්බුදයක් බව ඇතැම් සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණද, මේ දක්වා චීන බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර නැති බවද ඔහු පෙන්වා දෙයි.

කොවිඩ් සමයේ හුදකලාවීම් වලට පසුව මිනිසුන් යළිත් පොදු රෝග කාරක වලට හුරු වෙමින් පවතින විටදී ඍතුමය ලෙස ආසාදිතයන් සංඛ්‍යාවේ වැඩිවීම් බලාපොරොත්තු විය හැකි බව ඔහු කියා සිටියි.

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ආණ්ඩු 139ක් හදන්න විපක්ෂය එක්වෙයි

Published

on

By

ජාතික ජන බලවේගයට බහුතර බලය අහිමි පළාත් පාලන ආයතන 139ක බලය පිහිටුවීමට විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ ඊයේ (14) එකඟතාවකට පැමිණ ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි නිවෙසේ පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved