Connect with us

පුවත්

ICC ලොක්කා ජනපති හමුවෙන්න ලංකාවට එයි

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ග්‍රේග් බාර්ක්ලේ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අවුල, එල්ල වන චෝදනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ගැන විමර්ශනය කොට සකච්ඡාවක් පැවැත්වීම සඳහාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයාට යොමුකළ ඊමේල් පණිවිඩයකට පිළිතුරු ලබා දෙමින් මෙලෙස දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුවේ නිලධාරීන් දෙදෙනකුගේ දැඩි විරෝධය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම දීර්ඝ කර ඇතැයිද අනෙකුත් නිලධාරීන් යම් සහනයක් ලබා දීමට කැමැත්ත පළ කළත් එම නිලධාරීන් දෙදෙනා හේතු දෙකක් මත ඊට විරුද්ධ වී ඇතැයිද සඳහන්ය. 

එනම් ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර රගර් සහ පාපන්දු සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධව ඔවුන් දෙදෙනා අත්දැකීමෙන් දැන සිටීමත් එසේම ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමෙන් පසුව එය විසුරුවා නොහැර තබාගෙන ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමත් යන කාරණා දෙක නිසා ඔවුන් දෙදෙනා විරුද්ධ වී ඇතැයි සඳහන් වේ. 

මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුකෙරෙන දේශපාලනමය අතපෙවීම තවදුරටත් අධ්‍යයනය කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීන්දු කර තිබේ.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved