පුවත්

ID ගහන්න කාඩ් නෑ; 2005න් පසු ළමයින්ට කාඩ් ID නෑ

Published

on

ජාතික හැඳුනුම්පත් මුද්‍රණය සඳහා යොදා ගන්නා සුහුරු කාඩ්පත්වල පවතින හිඟය හේතුවෙන් 2005 වසරෙන් පසුව උපත ලද දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන අගෝස්තු මස දක්වා අත්හිටුවා තිබේ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා කියා සිටින්නේ එම දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත වෙනුවට එම දෙපාර්තමේන්තුව විසින් සහතික කරන ලද ලියවිල්ලක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

එලෙස නිකුත් කරන ලද ලියවිල්ල ලබන ඔක්තෝම්බර් මාසය දක්වා වලංගු වන ආකාරයට සකස් කරන බවද කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.

ඒ අනුව ජාතික හැඳුනුම්පත් මුද්‍රණය සඳහා යොදා ගන්නා සුහුරු කාඩ්පත්වල පවතින හිඟය සමනය වන තෙක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම මෙලෙස සීමා කිරීමට සිදුව ඇති බවද හෙතෙම කීවේය.

Trending

Exit mobile version