ජනාධිපතිවරයා විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් සති 3ක සේවා දිගුවට අනුමැතිය දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර තිබේ.
ව්‍යවස්ථාදායක සභාව මේ තීන්දුව ගෙන ඇත්තේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ද දිවයිනේ නොමැති අවස්ථාවේදීය.
කෙසේවුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය වෙනස් කරමින් පොලිස්පතිවරයා යළි එම ධුරයේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව මේ අතර වාර්තා වේ.
පොලිස්පතිවරයා යළි පත් කිරීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා චීනයේ බීජිං නුවර සිට අවශ්‍ය නියෝග සියල්ල බලා දී ඇති බව පැවසේ.
ධුර කාලය ඉක්ම ගොස් තිබූ පොලිස්පති සී. ඩී .වික්‍රමරත්න මහතාට තවත් සති 03ක් සඳහා සේවා දිගුවක් ලබා දීමට මීට පෙර දී ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබුණි.
සබැඳි පුවත් :
සීඩීගේ සේවය තවත් සති තුනක් ගන්න තීන්දු වෙයි