පුවත්

IGP පත් කිරීමට DIGලා තුනකගේ නම් ෂෝට් ලිස්ට් වෙලා!

Published

on

මීළඟ පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන අඟහරුවාදා දිනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සේවා දිගු දෙකක් ලබා ගැනීමෙන් පසු පසුගිය සඳුදා (26) ඔහු සිය ධුර කාලය අවසන් කර කාර්යාලයෙන් නික්ම ගොස් තිබිණි.

වත්මන් ජ්‍යෙෂ්ඨතා ලේඛනයට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ) L.S.පතිනායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (බස්නාහිර පළාත) දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (සබරගමුව) P.P.S.M ධර්මරත්න යන මහත්වරුන් ඇතුළත්ව සිටිති.

එම ලයිස්තුවට අනුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ නම් තුන ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

නව පොලිස්පතිවරයා නම් කිරීම සතියක් පුරා ප්‍රමාද වීම නිසා අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම ඇතුළු පරිපාලන ගැටලු දැනටමත් මතුව ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version