Connect with us

පුවත්

IMF කොන්දේසියක් ජුනි 30ට පෙර සපුරන්නැයි ඉල්ලීමක්!

Published

on

මූල්‍ය අක්‍රමිකතාවන්ට සම්බන්ධ වන රජයේ නිලධාරීන්ගෙන් අධිභාර අය කිරීමේ ක්‍රියාවලිය ලබන ජුනි මස 30 වැනිදාට පෙර ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබේ. 

මෙම ක්‍රියාවලිය ස්ථාපිත කිරීම එම අරමුදලේ ප්‍රබල කොන්දේසියකි.

කලින් යෝජනා වී තිබුණේ විගණකාධිපතිවරයාගේ නිර්දේශය මත නීතිපතිවරයා විසින් අධිභාර අය කිරීම සඳහා පියවර ගනු ලැබීමටය. 

එහෙත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වී යෝජනා වී ඇත්තේ විගණකාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරන ස්වාධීන කමිටුවකට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීමටය. 

ජාතික විගණන කාර්යාල නියෝජනයකින් තොර මෙම ස්වාධීන කමිටුවේ ප්‍රධානත්වයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු පත් කිරීමට නියමිතය. 

රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමික නිලධාරියෙක්, වරලත් ගණකාධිකාරී ආයතනයේ නිලධාරියෙක් ඇතුළු පස් දෙනකුගෙන් කමිටුව සමන්විත විය යුතු බවට යෝජනා කර ඇත.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල හා රජය සතු සමාගම්වල නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය අදාළ වෙයි. 

දැනට පවතින නීතිමය තත්ත්වයන් යටතේ අධිභාර අය කිරීම සඳහා විගණකාධිපතිවරයාට නිර්දේශ කළ හැක්කේ පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල ඇතුළු සීමිත ආයතන ප්‍රමාණයකට අදාළව පමණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙරටට පැමිණි හැම අවස්ථාවකදීම මේ සම්බන්ධයෙන් හිටපු විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න පෞද්ගලිකව හමුවී සාකච්ඡාද පවත්වා තිබිණි. 

එහිදී ඔවුන් අවධාරණය කර තිබුණේ ණය ලබාදීමට ප්‍රථම දූෂණයෙන් තොර ක්‍රියාවලියක් ඇති කළ යුතුය යන්නය.

(අරුණ)

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved