Connect with us

පුවත්

IMF කොන්දේසි නිසා පොර්ට් සිටියේ කෝටි 180 ආයෝජන නවතියි

Published

on

කොළඹ පෝර්ට් සිටි (වරාය නගර) ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය සඳහා කැමැත්ත පළ කළ ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නොහැකිවීම නිසා අමෙරිකානු ඩොලර් කෝටි 180ක පමණ ආයෝජන අහිමිවීමේ තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය විධිමත් කිරීමට නම් බදු සහන දැඩි ලෙස සීමා කළ යුතු බවට කර ඇති අවවාදය නිසා පෝර්ට් සිටි ආයෝජනවලට බදු සහන සැලසීමට නොහැකි වී ඇති බවද පැවසේ.

අදාළ තත්ත්වය හේතුවෙන් පෝර්ට් සිටිය තුළ ජාත්‍යන්තර රෝහලක්, ජාත්‍යන්තර පාසලක්, මුල්‍ය මධ්‍යස්ථාන ආයෝජන රැසක්, සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ගණනාවක් සඳහා මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂා කළ ජාත්‍යන්තර ආයෝජකයන් වෙනත් රටවල් කරා යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බවද දැනගන්නට තිබේ. සිංගප්පූරුව, ඩුබායි, වියට්නාමය ආදී රටවල් මෙවන් ආයෝජනයන්ට බදු සහන පිරිනමන බැවින් මෙරට ආයෝජන අවස්ථා අහිමිවන ආයෝජකයන් එම රටවල් කරා යොමුවීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

මෙම ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට නව රුකියා අවස්ථා උදාවන අතර ඔවුනට ඩොලර්වලින් වැටුප් ලබාගැනීමේ වරමද හිමි වේ.

මූලාශ්‍රය – දේශය

පුවත්

ඖෂධ මිල අඩු කිරීමට නව මිල පාලන යාන්ත්‍රණයක්

Published

on

By

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, නව ක්‍රමවේදය යටතේ මෙරටට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල පරාසයන් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

ඒ අනුව රුපියලකට ආනයනය කරන ඖෂධයක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 01යි ශත 65කි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඖෂධ මිල නියාමන බලතල ජාතික ඖෂධ නියාමන අධිකාරීයට පැවරෙන පරිදි ඒ සඳහා රෙගුලාසි පනවන බවය.

නව රෙගුලාසි පැනවීමත් සමග වරායේදීම ඖෂධවල මිල ගණන් තීරණය කළ යුතුය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දිවයිනට රැගෙන එන සෑම ඖෂධ තොගයක් සම්බන්ධයෙන්ම මිල නියාමනය සිදු කෙරෙන බවය.

එය නිසි පරිදි ක්‍රියාත්මක වනවාදැයි සොයා බැලීම ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ මිල පාලන කමිටුව විසින් සිදු කිරීමට බලතල පවරන බවද වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කලේය.

Continue Reading

පුවත්

තානාපතිවරුන්ට ඉලක්ක

Published

on

By

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා මෙම අදහස් පළ කර සිටියෙය.

Continue Reading

පුවත්

දුම්කොළ සමාගමේ ලාභය 400%කින් ඉහළට

Published

on

By

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පවසන්නේ මෙම බදු ප්‍රමාණය තීරණය කිරීම හරහා දුම්වැටි අලවිය 50%කින් පමණ අඩු වුවද දුම්කොළ සමාගමේ ලාභය 400%කින් පමණ ඉහළ ගොස් ඇති බවය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“2023 වසරේ සුරා බද්ද 20%කින් වැඩි වුණා. එහිදී දුම්වැටි බදු ආදායම රු.බි. 7.7ක්. ඒ කියන්නේ තිබුණු ආදායම 7%කින් වැඩි වුණා. මධ්‍යසාර බදු ආදායම 7%කින්… ඒ කියන්නේ රු. බි. 11.6කින් වැඩි වුණා. බදු ආදායම වැඩි වුණා… භාවිතය අඩු වුණා. ශුද්ධ මධ්‍යසාර ලීටර මිලියන 8.3කින් භාවිතය අඩු වුණා. දුම්වැටි ඒකක මිලියන 521.5කින් අඩු වුණා. මේ සමස්ත බදු වැඩිකිරීම තුළ දුම්කොළ සමාගමට රු මිලියන 7,000ක විතර අමතර ලාභයක් ලැබිලා තිබෙනවා. මේ වෙන්නේ බදු වැඩි කිරීම තුළින් මිලක් තබාගන්න ඉඩක් ලැබෙන එක.”

“මීට අවුරුදු 10කට කලින් දුම්වැටි මිලියන 4,800ක් විතර අලෙවි වුණා. අද වනවිට වසරකට දුම්වැටි අලෙවි වන්නේ මිලියන 2,200ක් වගේ. ඒ කියන්නේ 50%ක අඩුවීමක්. ඒත් දුම්කොළ සමාගමේ ලාභය 400%කින් 500%කින් වැඩි වෙනවා. 2009 සිට දුම්කොළ සමාගමට වාසි විදියට බදු ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් ඔවුන් ලාභ ලබනවා. ආයෙත් ඒ මුදල් දුම්වැටිවලට අපේ දරුවන් හුරු කරවන්න කැම්පේන්වලට යොදවනවා. සමස්ත බදු ආදායමෙන් 6%යි දුම්වැටි බද්ද. මධ්‍යසාර බද්ද 9%ක් විතර තියෙනවා. හැබැයි අපිට උගන්වලා තියෙන්නේ මේ බදු නැත්තම් රාජ්‍ය සේවකයන්ගේ පඩි ගෙවලා ඉවරයි වගේ කතා. ඔක්කොම බොරු. පසුගිය වසර 5, 6 ඇතුළත නිවැරදිව බදු තීරණය කරපු නැති නිසා අපිට රු. බිලියන 100ක් විතර අහිමි වුණා.” 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved