Connect with us

පුවත්

IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීම මාර්තුවෙන් ජුනි දක්වා පස්සට විසිවෙයි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව සිදුකළ යුතු ද්විපාර්ශ්වික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලබන ජූනි මාසය දක්වා කල් ගොස් ඇතැයි වාර්තා වේ.

එහෙත් ආණ්ඩුව අපේක්ෂා කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම මාර්තු මාසය වන විට හමාර කොට රට බංකොලොත්භාවයෙන් මිදුණු බව ප්‍රකාශ කිරීමටයි.

මුලින්ම ජපානය හා ඉන්දියාව සමඟත් අනතුරුව චීනය හා සෙසු රටවල් සමඟත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගිවිසුම් අත්සන් කළ යුතු බවට යෝජනා වී තිබිණි. 

එහෙත් තවමත් එම මූලික සාකච්ඡා හමාර වී නැත.

මේ දිනවල ජපානයට ගොස් සිටින රජයේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් අපේ ප්‍රධානම ණය හිමිකරුවා වන ජපාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතා ගැන සාකච්ඡා කරමින් සිටින බවද පැවසේ.

පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

Published

on

By

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක සහතිකය 

Published

on

By

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේ සංශෝධන රහිතව සම්මත විය.

මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය අද ප.ව. 5.40 සිට ප.ව. 7.10 දක්වා පැවැත්විණි. ඉන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බැලීමෙන් පසුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මේ අතර, දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) සිය සහතිකය සටහන් කළේය.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.

Continue Reading

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved