ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව හිමිවී තිබේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 330ක මුදලක් දෙවන වාරිකය ලෙස මෙරටට හිමිවනු ඇති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිළධාරින් පසුගියදා මෙරටට පැමිණ ණය වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ අධ්‍යනය කළේ ය.
දෙවන ණය වාරිකය එලෙස මුදාහැරීමට එකඟතාව පළවී තිබෙන්නේ ඉන් පසුවයි.
මෙම ණය වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය පසුගියදා නිමාවට පත් විය.
එම සමාලෝචනය අවසානයේ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රි ලංකා ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ප්‍රකාශ කළේ ණය වැඩසටහනේ දෙවැනි වාරිකය නිදහස් කිරීම ශ්‍රී ලංකාව ,ණය ගෙවීමට ඇති රටවල එකඟතා සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති ප්‍රතිපත්තිමය කරුණු මත තීරණය වනු ඇති බවයි.