Connect with us

පුවත්

“IMF සිව්වැනි වාරිකය සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණීම ගැන අනුර රටට කියන්න ඕන”

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට කරුණු හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, අතුරුගිරියේ පැවති ජන හමුවක් අමතමිනි.

“මේ රටේ ආණ්ඩුවේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න උදය සෙනෙවිරත්ත වාර්තාව ක්‍රියාත්මක කරන්න. එකෙත් අනුමැති අරගත්තා. IMF කිසිම ප්‍රශ්නක් තිබුණේ නැහැ අපිට මුදල් තිබුණ නිසා නිල වශයෙන් තීරණය අරගෙන ඒ්කත් අතුළු කළා. ජනාධිපතිවරයා අහනවා මොකදමේ අන්තිම මොහොතෙදි කළේ කියලා. ගණුදෙනු කරනකොට දන්වානේ හැටි ඒ්ක එන්නත් ප්‍රමාද වුණා… මේක අරගත්තා අනුමත කළා. එතුමා තව කල් ඉන්නකොට ඕක තේරෙයි අපි කොහොමද මේ තිරණ හදියේ ගන්නේ කියලා. එච්චරයි තිබුණේ ඒත් මොකද්ද වුණේ ? IMF කණ්ඩායම මෙහාට ආවාම අපි තීණයක් ගත්තේ නැහැ, එකඟත්වයකට ආවේ නැහැ. කිව්වා අපි නිව්යෝර්ක්වල සාකච්ඡා කරනවා කියලා. නිව්යෝර්ක් වල සාකච්ඡා කරද්දි රත්නපුරේදී අනුර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවා මේ වන විටත් ආර්ථික උපදේශක ඇතුලු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා වඩා යහපත් අයවැයක් සකස් කර දීම සඳහා අපේ පිළිබඳව. අද පත්තරේ තියනවා සාකච්ඡා අවසන් වුණේ නෑ ඊළඟ අයවැයෙන් පස්සේ තමයි අවසන් කරන්නේ කියලා. අයවැය ගේන්නේ මාර්තු මාසේ. අපි දැනගන්න කැමැතියි මම මේ ඔක්කොම හැදුවා, මේ ඔක්කොම සකස් කළා, අන්තිම අස්සන දාන්නයි තිබුණේ. ඕක කරන්න තිබුනේ කොළඹදී එකඟවෙලා අතනදි ගිහින් අත්සන් කරලා අයවැය හදන්න තිබුණා. දැන් කියනවා තව කතා ඕනෙලු මොකක්ද ඕන තව සාකච්ඡා ඒක අපි දැනගන්න ඕනේ.”

පුවත්

සක්විති රණසිංහට සහ බිරිඳට අත්හිටවූ සිරදඬුවම්

Published

on

By

නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ.

එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි.

දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

මීට පෙර පැමිණිල්ලේ සහ විත්තියේ මෙන්ම අගතියට පත් පාර්ශවය නීතිඥවරු අතර ඇතිවූ එකඟතාවය මත මෙම විත්තිකරු විසින් තැන්පත්කරුවන්ගෙන් භාරගත් සමස්ත මුදල්වලින් සියයට 60ක් වන නවකෝටි අසූපන් ලක්ෂයකට ආසන්න මුදලක් 2023 වසරේ ජූලි මාසයේ සිට රුපියල් ලක්ෂ පනහ බැගින් වූ මාසික වාරිකවලින් විත්තිකරු ගෙවා අවසන් කර තිබෙන බව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වසර නවයක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටි බවත් දෙවන විත්තිකාරිය වසර දෙකක් පමණ බන්ධනාගාරය භාරය පසුව බවත් සඳහන් කළේය.

බන්ධනාගාරයෙන් ඇප ලබා පැමිණීමෙන් පසුව අමතර උපකාරක පන්ති පවත්වා ලැබුණු මුදල්වලින් මෙම ගෙවීම් සිදුකළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම විත්තිකරුවන්ගේ දරුවන් දෙදෙනා ඉදිරියේදී විවාහ වීමට නියමිතව සිටින බැවින් ඔවුන්ට ලිහිල් දඬුවම් නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

Continue Reading

පුවත්

ගම්පහට හෙට පැය 10ක වතුර කප්පාදුවක්

Published

on

By

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම හෙට (23) පැය 10 ක කාලයක් අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවත් පෑලියගොඩ, වත්තල, ජා – ඇල, කටුනායක සීදුව නගර සභා බලප්‍රදේශය, කැලණිය, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි  මණ්ඩලය‍ නිවේදනය කර ඇත.

එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් වැඩිදුරටත්  දැනුම් දෙයි.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

මැයි මස දෙවැනි රැස්වීම් සතියේ තෙවැනි රැස්වීම් දිනය ලෙස අද (22) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාද,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි හා 2023 අංක 34 දරන විසර්ජන පනතේ 8වන වගන්තිය යටතේ යෝජනා සම්මත 10ක් විවාදයට ගැනීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරන ප්‍රශ්න වෙන්කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved