Connect with us

පුවත්

IMF හැර වෙනත් ක්‍රියාකාරී විකල්පයක් නෑ – ජනපති

Published

on

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පසුගිය වසරේ ජූලි මාසය වන විට රටේ තිබූ කෝලාහල, ගිනි තැබීම් මෙන්ම රාජ්‍ය බංකොලොත්භාවය සමඟ  බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය මාස 8 ක් යන විට ආපසු හැරවූ සාර්ථක කතාවක් බවට පත්කිරීමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා  අද එය හඳුන්වන්නේ ‘Sri Lanka comeback story’ යනුවෙන් බවද සඳහන් කළේය.

16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වලට එළැඹියද එම එකඟතා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඒවා අසාර්ථක වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීම හැර වෙනත් ක්‍රියාකාරී විකල්පයක් අද රට හමුවේ නොමැති බැවින් 17 වන මෙම අවස්ථාවේ දී පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව වැඩසටහනකට එක්විය යුතු බව පැවසීය.දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට කිසිදු හානියක් සිදු නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමේ මෙන්ම අඩු ආදායම්ලාභි ජනතාව ආරක්ෂා කිරීමේ සමාජ සුරක්ෂිතතා ජාලය මේවන විට ක්‍රියාවට නංවා තිබෙන බව ද කියා සිටියේය.

පුවත්

මෙරට ප්‍රංශ තානාපති අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි සිය නිල නිවස තුළදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Jean Francois Pactet මහතා මියයන විට 53 හැවිරිදි වියේ පසුවිය.

දේහය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

Continue Reading

කලා

ආනන්ද පෙරේරා දිවිගමනට සමුදෙයි!

Published

on

By

මෙරට ප්‍රවීණ සංගීතඥයෙකු හා ගායකයකු වූ ආනන්ද පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 67 හැවිරිදි වියේ පසුවිය.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිහශක්ති සංගීත කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Continue Reading

පුවත්

“රාජපක්ෂලා එක්ක ඩීල් නොදැම්මේ සජබ විතරයි”

Published

on

By

රට විනාශ කළ රාජපක්ෂවරුන් සමග ඩිල් නොදැමූ එකම පක්ෂය සමගි ජන බලවේගය පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන ජන පවුර යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ ජන රැළියට පොළොන්නරුව – කදුරුවෙළ නගරයේදී ඊයේ (25) එක්වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ නන්දසේන හේරත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් මහලේකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී සමන්ත බණ්ඩාර විපක්ෂ නායක සජිත්ප්‍රේමදාසට සහය පළ කරමින් මෙහිදී සමගි ජන බලවේගය සමග එක්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සමගි ජන බල වේගය නියෝජනය කරන විශාල පිරිසක් මෙම රැලිය සඳහා එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved