ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවී උපදෙස් දීමට අවස්ථාවක් ලබාදෙන ලෙස එම සභාවෙන් කළ ඉල්ලීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
මෙම ඉල්ලීම කතානායකවරයා ප්‍රමුඛ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකර ඇත්තේ මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී පීටර් බවර් ඇතුළු නියෝජිතයන් විසිනි.
මෙම ඉල්ලීම සලකා බැලූ ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇත්තේ මෙම සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති ස්වාධීන ආයතනයක් බැවින් ඊට බාහිර පාර්ශ්වවල උපදෙස් අනවශ්‍ය බවය. එබැවින් මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසිය නොහැකි බව ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇතැයි ද පැවසේ.
(දේශය)