පුවත්

IMF එකෙන් ගත්ත ණයෙන් බාගයක් ඉන්දියාවට දීලා!

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් ඇමරිකානු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය මුදලේ පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකය ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය කියයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ (24) දින ගෙවා දැමූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර වේ. 

නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය මහාභාණ්ඩාගාර ගිණුමට බැර කර ගැනීමේ හැකියාවක් ඇතත් එම මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජයේ එකඟතාවන් උල්ලංඝනය කරමින් පාවිච්චි කළ නොහැකි බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

මෙම ණය වාරිකය භාණ්ඩාගාර ගිණුමට මාරු කර ගෙන අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණය ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි බවට ඇතැමුන් කරන චෝදනාව සාවධ්‍ය බවත් මෙම මුදල් යොදා ගෙන යම් කටයුත්තක් ඉටු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළත් එය මුදල් අමාත්‍යාංශයේ පිහිටුවා ඇති විශේෂ කමිටුවක් මගින් නැවත සලකා බැලීමකට ලක් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

(අරුණ)

Trending

Exit mobile version