Connect with us

පුවත්

IMF ටීම්එක රනිලුත් මුණගැහිලා; අලුත් ආණ්ඩුව වැඩේ ඉස්සරහට ගෙනියන බවත් කියලා

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් තෙවැනි සමාලෝචනය සඳහා මෙරටට පැමිණ සිටින එම සංවිධානයේ නියෝජිත කණ්ඩායම ඊයේ (18 ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

කොළඹ, මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයයේදී පැවැත්වුණු එම සාකච්ඡාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ, හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු පිරිසක් ද සහභාගිවී සිටි බව පැවසේ.

පසුගිය වසර දෙක තුළදී රටේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කර ඇතැයි ද පැවසේ.

ජනතාව දේශපාලනික වශයෙන් කුමන තීන්දුවක් ගත්තද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඉදිරියට යායුතු බවද හිටපු ජනාධිපතිවරයා එම කණ්ඩායමට එහිදී පවසා ඇත.

එම වැඩසටහන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය අණ පනත් සියල්ලම සම්මත කර තිබෙන බවත්, ඒ අනුව කටයුතු කළහොත් වසර 2028 වන විටදී ණය ගෙවීමේ කටයුතු ආරම්භ කිරීමට හැකි බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී එම කණ්ඩායමට අවධාරණය කර තිබේ.

2025 වසරට අවශ්‍ය ආදායම් සෙවීමට නව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලන බවද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පැවසූහ.

එමෙන්ම, වර්තමාන ආණ්ඩුව මේ වනවිට මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සිටින බවද ඔවුහු කියා සිටියහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෘවර් ඇතුළු පිරිසක් පෙරේදා (18 වැනිදා) මෙරටට පැමිණියහ.

නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධවද මෙම කණ්ඩායම සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කිරීම සහ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සිදුකර ඇති මෑත කාලීන ප්‍රගතිය පිළිබඳවද එම කණ්ඩායම විසින් සොයා බැලීමට නියමිතය.

මෙම සංචාරයෙන් පසුව විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය නිදහස් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන ඩොලර් බිලියන 2.9 ක සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333 ක් ඉකුත් 2023 වසරේ මාර්තු මස 21 වැනිදාද දෙවන වාරිකය ලෙස ඩොලර් මිලියන 337 ක් 2023 වසරේ දෙසැම්බර් මස 13 වැනිදාද තෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 336 ක් මේ වසරේ ජූනි මස 12 වැනිදාද මෙරටට ලබාදී ඇත. ඒ අනුව, එම ණය පහසුකම යටතේ ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදී ඇත.

පුවත්

හරක් කටා කොළඹ ජාතික රෝහලට

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලියේ නායකයෙකු වන නඳුන් චින්තක හෙවත් ‘හරක් කටා’, චිකුන්ගුන්යා වෛරසය වැළදීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහු මේ වන විට 37 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම වාට්ටුව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන යන බවද වාර්තා වේ.

ආරක්ෂක හේතූන් මත එම වාට්ටුව ඔහුට පමණක් වෙන් කර ඇති අතර, වෙනත් රෝගීන් කිසිවෙකු එහි යාමට ඉඩ නොමැති බවද සඳහන්ය.

මෙම අතරතුරදී, තමාට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙස හරක් කටා විසින් ඉල්ලීමක් කළ ද, එය බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

වසරේ පළමු මාස 6 තුළ සුරාබදු ආදායම වාර්තාගත ලෙස ඉහළට

Published

on

By

වසරේ ගත වූ මාස 6 තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 120.5 ක ආදායමක් උපයා තිබේ.

එය මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති ඉලක්කය ඉක්මවා ලබාගත් 102.6% ක ප්‍රගතියකි.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය වසරේ රුපියල් බිලියන 226.7 ක් රජයට අයකර දීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති බවයි.

2023 වසරේ රුපියල් බිලියන 178.6 ක් හා 2022 වසරේ රුපියල් බිලියන170.3 කද ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයා තිබේ.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව බදු ශක්ති නමින් ක්‍රියාත්මක වූ බදු සතිය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයක් ලබාදී තිබුණි.

ඒ සුරාබදු බලපත්‍ර ස්ථාන පරීක්ෂාව, සුරාබදු බලපත්‍රධාරීන් ජනතාව දැනුවත් කිරීම හා නීති විරෝධි නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරමින් ය.

Continue Reading

පුවත්

මීමුරේ යන අයට තාවකාලික තහනමක්

Published

on

By

හුන්නස්ගිරිය, මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටරය ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසලින් එම මාර්ගය තාවකාලිකව වසා ඇති බව වාර්තා වේ.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත සඳහන් කළේ අඳාළ පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

කෙසේ වෙතත් මෙම පියවර ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපදා තත්ත්වයක් නිසා බව සඳහන්ය.

මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ විනෝද සංචාර හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මීමුරේ වෙත, නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙසය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved