පුවත්

IMF ණයවලින් දුවන පාකිස්තානයත් ජාතික ගුවන් සේවය විකුණන්න යයි

Published

on

පාකිස්තානයේ ජාතික ගුවන්සේවය වන පාකිස්තාන ජාත්‍යන්තර ගුවන්සේවය විකුණා දැමීමට එරට පාලනය කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර පසුගිය ජූනි මාසයේදී එරට බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ විය.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ඩොලර් බිලියන 3ක අරමුදල් අනුමත වූ අතර අදාළ ගිවිසුම අත්සන් කර සති කිහිපයක් තුළ ජාතික ගුවන්සේවය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කළේය.

පාකිස්තාන මැතිවරණය පෙබරවාරි 08 වැනිදා පැවැත්වීමට නියමිතය.

භාරකාර රජයේ “පුද්ගලිකකරණය සම්බන්ධ අමාත්‍ය” ෆවාඩ් හසන් ෆවාඩ් පැවසුවේ ඊට අදාළ කටයුතු වලින් 98%ක් නිමකර ඇති බවයි.

ගුවන්සේවය විකිණීමට අදාළ කැබිනට් අනුමැතිය ලබාගැනීම ද ඉදිරි දින කිහිපය තුළදී සිදුකිරීමට නියමිත බව සඳහන් ය.

Trending

Exit mobile version