පුවත්

IMF ණය අද නෙවෙයි හෙට

Published

on

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට සැපයීමට යෝජිත ණය මුදල අනුමත කිරීම ලබන ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වලින් වාර්තා වේ. 

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබාදීම සඳහා දැනටමත් කාර්ය මණ්ඩල එකඟතාවක් ඇති කරගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව රාජ්‍ය ආදායම් වර්ධනය සඳහා විවිධ බදු හා ගාස්තු ආදිය ඉහළ දමා මුල්‍ය අරමුදලේ නිර්දේශ සම්පූර්ණ කළ පසු ලබන ජනවාරි මාසයේදී මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකාවට අදාළ ණය මුදල අනුමත කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.

කලින් සැලසුම් කර තිබුණේ මෙම අනුමැතිය 2022 දෙසැම්බර් මාසයේදී ලබාගැනීමටය. 

එහෙත් එය තවත් මසකින් කල් යනු ඇති බව පැවසේ.

එම ණය අනුමත වීමෙන් පසු පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 500ක් පමණ මුලින් නිදහස් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

Trending

Exit mobile version