පුවත්

IMF ණය දෙනව කිව් ගමන් ලංකාව බංකොළොත් නැතැයි ජනපති කියයි

Published

on

ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.

ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද ජනාධිපතිවරයා කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද ණය පහසුකම අනුමත කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහතිකයක් ලෙස ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා කීය.

Trending

Exit mobile version