පුවත්

IMF දෙවැනි වාරිකය එන්නේ සැප්තැම්බරයේ!

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් නිදහස් කරන දෙවැනි ණය වාරිකය මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය. 

එම වාරිකයද අමෙරිකානු ඩොලර් මිලියන 333ක් බව වාර්තා වෙයි. එම ණය වාරිකය නිදහස් කිරීමට පෙර මෙම වසරේ ජූනි මාසයේ සහ සැප්තැම්බර් මුල් භාගයේදී මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අධීක්ෂණයක් සහ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.

විශේෂයෙන්ම ලබන අප්‍රේල් මාසය හමාර වනවිට ශ්‍රී ලංකාව තමන් සතු දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලබා දී ඇති ප්‍රතිඥාව ඉටුකිරීම සහ රාජ්‍ය ආදායම් වර්ධනයට ගෙන ඇති පියවර මෙම අධීක්ෂණයේදී හා විමර්ශනයේදී දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනු ඇතැයි ද මේ අතර වාර්තා වේ.

Trending

Exit mobile version