අය වැය ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය මෙරටට ලැබීම ප්‍රමාද වීමට හේතුව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
මැතිවරණ දෙකක් පැවතීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි සමාලෝචනය පැවැත්වීම ප්‍රමාද වූ බවද ඔහු කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තිබෙන වැඩපිළිවෙළේ තුන්වැනි සමාලෝචනය මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණි බවත්, රජය අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිව්වැනි වාරිකය අනුමත කරනු ඇතැයිද ඔහු පැවැසීය.
2028 තෙක් ණය ගෙවන්න නැහැ…
වසර දෙකක් පුරා පවත්වාගෙන ගිය ණය සම්බන්ධ වැඩපිළිවෙළේ අවසන් අදියරට පැමිණ තිබෙන බවත්, ලබන වසරේදී ආර්ථිකය සාමාන්‍ය තත්වයට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙලේ පරාමිතීන් තුළ යම් යම් වෙනස්කම් සිදු කළ හැකි බවද ඔහු පැවසීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ආර්ථික අර්බුදයක් ඇතිවෙනවා යැයි පැවැසීම වැරැදි මතයක් බවත්, 2028 වසර දක්වා ගෙවීමට ඇත්තේ පොලී මුදල් පමණක් බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.