ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික සමුළුව අද (09) සිට ලබන15දා දක්වා මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකාව ආර්ථික ස්ථායීකරණයේ සිට ආර්ථික වර්ධනයක් දක්වා 2024 සිට ගමන්කිරීම සහතික කිරීමට හා ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුතළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය කවදුරටත් තහවුරු කර ගැනීමට මෙම රැස්වීම් මාලාව අවස්ථාවක් වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.